Monday, April 15, 2013

සිංහලය හා ජාතික ව්‍යාපාර.


ත්‍රස්ථවාදය දේශපාලනික වශයෙන් පරාජයට පත් කළේ 2009 අවුරුද්දේ.එදා සිට අද දක්වා ගෙවුණු කාලය තුල සිංහලයන්ගේ ජාතිකත්වයේ වර්ධනයක් සිදු වී ඇති බව රහසක් නොවේ.එසේම එම කාලය තුළ නානප්‍රකාර ජාතික ව්‍යාපාර සිංහලයන් වෙනුවෙන් පෙරට එන ලකුණුද ඇත.ප්‍රශ්නය ඇත්තේ මේ ජාතික ව්‍යාපාර අවංක ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින ඒවාද යන වග.පලමුව කිව යුත්තේ අප ජාතිකත්වය යන්නෙන් අදහස් කරන දේ ජාතිවාදයෙන් වෙනස් බව අප විශ්වාස කරමු.සිංහලයන්ගේ ජාතිකත්වය අද ඊයේ ඇති වූවක් නොවේ.එය සිංහලය තරම්ම පැරණිය.එය අඩුම වශයෙන් ගැමුණු රජදවස දක්වාවත් දිවයයි.

නැවතත් අප ජාතික ව්‍යාපාර දෙසට හැරෙමු.ජාතික ව්‍යාපාර ඇරඹීම සිදුවන්නේ මෙරට ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිට බව කීවොත් එහි වැරද්දක් නැත.සිංහලයන්ට තමන්ගේ රට තුළම සිදුවූ අසාධරණයන්ට එරෙහිව නැගී සිටීමට අවශ්‍ය දැනුම හා ශක්තිය සැපවූයේ එකී ජාතික ව්‍යාපාර හරහාය.එදා සිට අද දක්වා තාමත් සිංහලයන් තමන්ගේ උරුමය වෙනුවෙන් සටන් වැදීමට ජාතික ව්‍යාපාර හරහා ප්‍රවේශ වූවද මෙකී ජාතික ව්‍යාපාර බොහොමයක් පෙනී සිටියේ අවංක ජාතිකත්වය වෙනුවෙන් නොවේ.ඒවා බොහොමයක් දේශපාලනික බලවේග මත ක්‍රියාත්මක වී විශේෂයෙන් මැතිවරණ සමයන්හි සිංහලයන්ගේ ඡන්ද කඩා ගැනීමට ජාතිකත්වය විකුණන් කෑවෝය.

බොදුබලසේනා හා සිංහල රාවය යනු මෑත කාලයේ කරලියට පැමිණි තවත් ජාතික ව්‍යාපාරයන් දෙකකි.අද වනවිට මෙරට බොහෝ දෙනෙකුගේ කතාබහකට ලක් වීමට මෙම සංවිධානයන් මෙරට ජනප්‍රිය වී ඇත.බොහෝ උගත් පිරිස් මෙම සංවිධාන ජාතිවාදය පතුරුවන අන්තගාමී සංවිධාන හෝ ආණ්ඩුව වැට්ටවීමට අර අදින කුමන්ත්‍රණකාරී බලවේග විදියට දකිනු ලබයි.එලෙසම මේවා ආණ්ඩුව විසින්ම ඇතිකරනු ලැබූ සංවිධාන බවටද මතයක් වේ.කෙසේ වෙතත් මෙම සංවිධාන මගින් ක්‍රිස්තියානි මූලධර්මවාදයටත්,ඉස්ලාම් අන්තවාදයටත් විරුද්දව පහුගිය සමයේ යම් යම් සාධනීය ක්‍රියාමර්ග ගත් බවට රහසක් නොවේ.කූරගල වැනි බෞද්ධ පුදබිම් නැවත ජනසතු කරගැනීමට හැකි වීම සෑම සිංහල බෞද්ධයෙකුටම අස්වැසිල්ලකි.

එනමුත් බොදුබලසේනාව හෝ සිංහල රාවය වැනි සංවිධාන මෙරට සිංහල බෞද්ධයන්ගේ සැබෑ ප්‍රශ්න හදුනාගත් සංවිධාන බව අප විශ්වාස නොකරමු.මෙසේ කීමට හේතුව වන්නේ පසුගිය කාලපරාසය තුළ මොවුන් විසින් ඇතිකිරීමට උත්සහ කරන්නේ නැති මුස්ලිම් විරෝධයක් ඇතිකර සිංහලයන්ගේ දැවෙන ප්‍රශ්න යටගැසීමටය.මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වීම එකකි.මුස්ලිම්වරුන්ට විරුද්ධ වීම අනෙකකි.හලාල් වලට වඩා දැවෙන ප්‍රශ්නයකි ආසනික්.දින දෙකකට සැරයක් මිනිසුන් තිදෙනෙකු බිලිගන්නා රජරට වකුගඩු රෝගය මෙරට දැවෙන ප්‍රශ්නයක් නොවන්නේ කාටද?දේශපාලනික වශයෙන් පරාජය කළ දෙමළ ජාතිවාදය නෛතික වශයෙන් එනම් 13 වෙනි ව්‍යවස්තා සංශෝධනය අවලංගු කළයුතුය යන්න ජාතික ප්‍රශ්නයක් නොවන්නේද?ඒ සදහාජනමතයක් සකස් කිරීම වැඩකට නැතිදෙයක්ද?ඈත පිටිසර පන්සල් පාලු වීමට ඉඩහැර අසපුගානේ හෝ කොලඹ අවට මහ පන්සල් වලට පමණක් ජනයා එකතු වීම හා නඩත්තු කිරීම දැවෙන ප්‍රශ්නයක් නොවේද?සිංහලයා ගමේ පන්සලෙන් ඈත්වීම එතරම් බරපතල ප්‍රශ්නයක් නොවේද?මේ සියල්ල අමතක කර නෝලිමිට් වර්ජනය කලහොත් සිංහලය රැකේවීද?බුදුසසුන රැකේවිද?

මේ අතර තවත් හාස්‍යජනක දෙයක් පසුගිය සතියේ කොළඹ තුම්මුල්ල හන්දිය අවට සිදුවිය.තමන් උපන් රටේ සුවද නොහදුනන මේ පොළවේ පය නොගහන හෙනම පොෂ් නෝනාවරු ගොඩකුයි පොෂ් මහත්තරු ටිකකුයි ධර්මය රැකගැනීමට ඉටිපන්දම් රැගෙන බොදුබල සේනා මූලස්ථානය අසල රැස්වූහ.ඔවුන්ගේ අරමුණ වූයේ බොදුබලසේනාව තහනම් කිරීමට බලකිරීමදැයි අපි නොදනිමු.කෙසේ වෙතත් ඉටිපන්දම් දල්වා අධිෂ්ඨාන කිරීමේන් හෝ බොදුබලසේනා තහනම් කිරීමේන් හෝ ධර්මය රැකෙන්නේ කෙලෙසදැයි අපි නොදනිමු.ඒ බව අපට ඒ පොෂ් නෝනකෙනෙක් හෝ මහත්තයෙක් කියා දෙන්නේනම් මැනවි.නමුත් බොදුබලසේනාව තහනම් කළයුතු සංවිධානයක් යැයි කීමට තරම් අපි ඉක්මන් නොවෙමු.මක්නිසාදයත් එය මෙරට සිංහලයන්ගේ කෙසේවෙතත් සිංහල බෞද්ධ විරෝධීන්ගේ ඒකායන අරමුණ වන බැවිනි.

2 comments:

  1. ආසනික්‌ ප්‍රශ්නය නම් සෑහෙන කාලයකට විසදෙන එකක් නෑ වගේ. මොකද කෘමි නාශක ගෙන්වන සමාගමෙන්ම තමයි වකුගඩු පිරිසිදු කරණ යන්ත ගෙන්වන්නෙත් කියලා සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ කෙනෙක් මට කිව්වා වගේ මතකයි. ආණ්ඩුවක් ජනතාව පත් කලාට, ආණ්ඩුව ගෙනියන්නේ බිස්නස්කාරයෝ.

    ReplyDelete
    Replies
    1. //ආසනික්‌ ප්‍රශ්නය නම් සෑහෙන කාලයකට විසදෙන එකක් නෑ වගේ. මොකද කෘමි නාශක ගෙන්වන සමාගමෙන්ම තමයි වකුගඩු පිරිසිදු කරණ යන්ත ගෙන්වන්නෙත් කියලා සෞඛ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ කෙනෙක් මට කිව්වා වගේ මතකයි
      මේ කතාව නම් මම දන්නෙත් ඔයා කිවුවට පස්සෙයි.එහි ඇත්ත නැත්ත කෙසේවෙතත් එවැනි පැලැස්තර විසදුම් සැපයීම ගැන නම් සැහීමකට පත්විය නොහැක.කොහොමත් නිදහසෙන් පස්සේ මේ රටේ ඇති වූ බොහොමයක් ජාතික ප්‍රශ්න වලට අපේ අත්තෝ ගෙන ආවේ පැලැස්තර විසදුම්මනේ.මොන අහේනියක්ද මන්දා.

      ආණ්ඩුව ගෙනියන්නේ හුදෙක් බිස්නස්කාරයෝ යෑයි සිතීම වැරදියි නේද?

      Delete