Tuesday, April 12, 2016

සඳ හා තනිව



කවුළුවක් අසළට වී බලන සඳයි කවුළුවෙන් ඈත්ව සිටින මොහොතක කවුළු මානෙන් පෙනෙන සඳයි ඇති කරන මිහිර එකක් වූවද ඒ හා බැඳුණු සංවේදනාවන් වෙනස් විය හැක.

කවුළු දොරකඩ
බලන රන් සඳ
මිහිරි හැඟුමන් මත්කළා

ගගන තලයට
උරුම වූ වතේ
කිරණ කුටියට දිස්වෙලා

සිතෙහි හැඟුමන්
තැවුල් දුන් සඳ
කවුළුවෙන් පසෙකට වුණා

ඉඳලා හිටලා
තවම ඒ වත
කවුළු මානෙන් දිස්වෙනා

මිහිර එලෙසම පවතිනා සඳ
තැවුල් සංකා පහව ගිය සොඳ