Friday, March 13, 2015

තවම නොකියූ හදේ සැඟවූ-බලා සැනසෙන පෙම් සිතක්



නිමේෂයකදී සිතට වැද ගත්
රසෙන් මත්කළ හැඟීමක්
කෙමෙන් විකසිත මහද සැදි නව
මිතුරු නොමිතුරු බැඳීමක්
කවක පද ලෙස මුදුව ගලනා
මියුරු අරුතක කළාවක්
සොඳුර නුඹ මට මගේ ලොව තුළ
සදා නොමැකෙන මතකයක්