නිති සිසිලන තුරුලි පිරි
සිත් සනසන දැකුම් ඇති
මහමෙව්නා උයන වෙති
ඈතින් පෙනෙන සෑ ථූපාරාම සිරි
මෑතින් පෙනෙන ජය සිරි මහ බෝධි
පෙම් සිත් බැඳුනු ඒ වෙහෙරය ඉසුරුමුණි
සිත් පහදවන බුදු රුව මේ සමාධි
කරවා දැයම එක්සේසත් අප නිරිඳු
නංවා සසුන ගෝතම සම්බුදු සමිඳු
කරවනු පිණිස අසදිසි මහසෑ නිරිඳු
ගත් අදිටනිනි අප මහරජු දුටු ගැමුණු
පෙර මිහිදු හිමි සහතික කළ තැනය
පෑතිස් රජුන් සළකුණු කොට ඇත සෙලය
නැත අන් සැකක් මහසෑ ඉදිකරනු මිස
උගහට ඇතිය එහි ඇති මහ තෙළඹු ගස
ඉතින් කෙලෙස සාදනු මේ සෑය තව
කපන් දැමුව යුතු වේ මේ විසල් ගස
නමුත් නිතර බාධා වේ සොයනු කළ
අරක් ගත්තු දෙවඟනකි මුදුන රුක
රත්නමාලි ලෙස නම් ඇති දෙව් දුවට
දාලා යන්න නොහැකිලු මේ තෙළඹු ගස
ගොසින් දනන් පැමිණිළි කළ මහරජුට
පැමිණ විචාරන්නට නඩු ළඟට ගස
ස්වර්ණමාලි නුඹ දෙවඟන කුමක් කියන්
මම වෙමි සකල ලක්දිවටම නිරින්දන්
කරනු පිනක් වෙනුවෙන් තුන්ලෝක සතන්
නමුත් ඇයිද නුඹගේ මේ මාන කෙරුන්
නිරිඳුනි ඇවිත් මා මෙහි දැන් කලක් වෙමි
විඳිමින් අවට අසිරිය මා දිවි ගෙවමි
සිරි මාබෝධි තව අන් වෙහෙර මම වඳිමි
සිල් ඇති උයන වැනසෙන්නට නොදුන්නෙම්
සිල් ඇති උයන තව රැකුමට නුඹට හැකි
මේ පුදබිමට නුඹ පායපු පුර සඳකි
මතු මහසෑ රඳුන් පිදුමද නුඹට හැකි
බැසයනු මැනවි එය අප කාටත් යෙහෙකි
අවැසි නැතිය අතහැර යන්නට උයන
සාර රුකුන් මෙහිවේ සදනට විමන
කියමි දෙයක් තිර ලෙස අද නුඹට මම
ස්වර්ණමාලි ලෙස සෑයට තබමි නම
අසා වදන් රජුගෙන් ඈ තුටු වෙන්නී
සිතා වන මෙහෙය සතහට පැහැදෙන්නී
දිනෙක වඳින මහසෑ ගැන සිහිවෙන්නී
කෝළ රැඟුම් අත හැර ඈ නික්මෙන්නී
niyamayi machan
ReplyDeleteThanx mchn
Delete