Wednesday, September 10, 2014

එක් කවි කතාවක්....



ඔබේ කවිය සොරාගත්තේ ඇයිද    සොයන්න
තැවුල් සිතක් මවෙත කිසිත් ඇති නොමවන්න
තුරුණු හදක මැවුණු සෙනේ දැන  ලැබගන්න
මගේ කවිය මඳක් නතර වෙලා         බලන්න 

දහස් නුවන් - රහස් වෙසින් බලා      සිටින  සඳ
සෙමින් ඇවිත් මගේ නෙතට කතා      කරනවද?
රැයේ අලුත් සිහින තුළට           හදිස්සියේ වැද
මටත් හොරෙන් ලැගුම් අරන් ඉන්නෙත් ඔබමද?

සෙමින් ඇවිත් ඔබේ නෙතට කතා කරන විට
දෙනෙත් ඔබේ මා මඟහැර පලා         යාවිද?
රැයේ සිහින තුළට වැදී ලැඟුම්         ගත්තට
තරහා නොවී මට සමාව දෙන්න    ඇහැකිද?

1 comment:

  1. ඇත්තටම මචෝ/මචී...
    මං කොච්චර ට්‍රයි කරත් සදැස් කවියක් ලියන්න හරියන්නෙම නෑනෙ බං...
    ඒකත් මාර අවුල...
    කවිය නං උපරිමයි හොදේ...
    ජයවේවා

    ReplyDelete