අද සඳ අඩුවෙන් දිලෙන්නේ මන්දැයි
තරු පෑයූ රැය වෙනදා වගේමයි
පවනත් අලසව තුරු සනසා යයි
වැව් දිය නිසලව තනියම හැසිරෙයි
වැව් දිය පවනට කතා කරන්නේ
සඳ විරසක කිමදැයි විමසන්නේ
පවනත් සිය මුනිවත රැකගන්නේ
මේ රැය ඒ ලෙස කල් පසුවන්නේ
හිරු ඇවිදින් තව දිනක් සදාවි
සුපුරුද ලෙස රැය සිත්තම් වේවි
අලුත් සඳක් හෙට යළි පායාවි
වැව් දිය රළ නගමින් දඟලාවි
ලස්සන කවියක්...
ReplyDeleteහරිම අපූරුයි..
ජයවේවා
බොහොම ස්තූතියි සහෝ
Delete