Saturday, May 17, 2014

එය එසේම එසේම වී-එච්චර කලකි

තුන් මාසයකට පසු.......................

විවිද සෙලවෙන ඇලීම් බැඳීම් අතර
සවි කරගත්
ප්‍රථම ඇලීම
ප්‍රථම බැඳීම
හෙළි කළ මොහොතේම
අකුණු පහරක් වැදී
ක්ෂණයකින් නැති වී
අතුරුදහන් වන්නේ යම් සේද
වෙරළෙ ඇඳී රුවක්
රළ පෙළට හසු වී
මැකී යන්නේ යම් සේද
විරියෙන් දැල්වූ
පහන් සිලක්
සැනින් හැමූ සුලං රැල්ලට හසු වී
නිවී යන්නේ යම් සේද
එය එසේම එසේම වී
එච්චර කලකි

.............................මට සිහි විය.



2 comments:

  1. මේකට මොනව කියන්නද
    හිතාගන්න බැරි හිංදම
    අපූරු කවියක් කියා පසසා
    ලෙස්සා යමි මම..
    විවරණ දෙන්නට නොහැකි නිසාම

    ReplyDelete
  2. වයසේ වැරද්ද බන්,වයසෙ වැරද්ද :)

    ReplyDelete