Wednesday, February 19, 2014

සොවින් සැඟවුණු මිහිරි පද රැස - උරුම කවි සිත් සනස ගන්නට



තෙදැති හිරුවත ගුවන නැගෙනුයේ
ලොවට එළියක් වන්න පමණද
නැගෙන හිරු හෝ බැසෙන හිරු දෙස
බලන නෙත් සිත් සනහලන්නට

දිලෙන සොමිසඳ ගුවන නැගෙනුයේ
රැයට සිසිලක් වන්න පමණද
හිරුට නොම වන සඳට ඇති රස
සොයන පෙම් සිත් පුබුදුවන්නට

සුවඳ දෙන මල් ගසක පිපිනුයේ
නෙතට මිහිරක් වන්න පමණද
රසැති රොන් පිරි එවන් මල් දෙස
ඇදෙන බිඟු සිත් මත් කරන්නට

ලියන පද වැල් සිතට පැමිණියේ
ඔබට රසයක් වන්න පමණද
සොවින් සැඟවුණු මිහිරි පද රැස
උරුම කවි සිත් සනස ගන්නට

2 comments:

  1. නොලියා සිටින්නත් නොකියවා සිටින්නත් එපා...
    ඔබේ කවිය ලස්සනයි... ඇත්තෙන්ම අපූරු පද රචනයක්...
    සතතාභ්‍යාසය දියුණු කරගන්න

    ReplyDelete
  2. ඔබට ස්තූතියි කමෙන්ටුවට. :)

    ReplyDelete