භෞතිකවාදීන්
එදා මෙදා කී කතා අධ්‍යයනය කරන කල්හි ප්‍රධාන වශයෙන් ඔවුන් කොටස් දෙකකට වර්ග කළ හැකිය.එක් කොටසක් වන්නේ සෘජුවම මනසින් (හෝ පරිකල්පනයකින්) තොරවම ලෝකයක් පවතින බව(මොවුන්ට එය සනාථ කිරීමට නොහැකිකම වෙනම කතාවකි ) ප්‍රකාශ කරන භෞතිකවාදීන්ය. අනෙක් පිරිස වන්නේ මනසින්(හෝ පරිකල්පනයෙන්) තොරව ලෝකයක් පවතින බව හෝ නොපවතින බව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව පවසන පිරිසය.වෙනත් විදියකින් කිවහොත් ඔවුන් පවසන්නේ මනසින් තොරව ලෝකයක පැවැත්මක් අර්ථ දැක්විය නොහැකි බවය.මොවුන් එක අතකට කරන්නේ මනසින් තොරව ලෝකයක් පවතින බව කෙළින්ම නොකියා එසේ ලෝකයක් නොපවතින බව කීමට නොහැක කියා ෂේප් වීමය.එක අතකට මෙම පිරිස ඉහත පළමු පිරිසට වඩා කපටිය.
ඒ
කෙසේ වෙතත් ඉහත දෙවන පිරිස වුවද මනසින් තොරව පවතින ලොවක් විශ්වාස නොකරනවා නොව. එසේත් නැතහොත් ඔවුන් කිසිවිටකත් මනසින් තොරව ලොවක් නැත යන බව පිළිගන්නා පිරිසක් නොව.එබැවින් ඔවුන්ද භෞතිකවාදීන් ලෙස නම් කිරීම යුක්ති සහගතය.
අපගේ ප්‍රශ්නය යොමු වන්නේ මූලික වශයෙන් මෙම ෂේප් න්‍යාය අනුගමනය කරන ඉහත දෙවන පිරිසට වේ.නමුත් ප්‍රශ්නයට පෙර යම්කිසි පැහැදිලි කරගැනීමක් කළ යුතුව ඇත.අප පංචේන්ද්රියයන්ගෙන් ලබාගන්නා සියලුම සංජානන සංකල්ප ලෙස තනාගන්නේ මනස විසින්ය.භෞතිකවාදීන් මෙය මනස ලෙස පවසනවාට අකමැති විය හැක.මොවුන් එය පවසනු ඇත්තේ මොළයේ සිදුවන භෞතික හා රසායනික ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන පරිකල්පනයක් ලෙසය.ඒ කෙසේ වෙතත් මනස වේවා පරිකල්පනය වේවා අවසානයේ අපහට යම් "දැනීමක්" ඇති වේ. එනම් මනසින් තොරව දැනීමක් හට නොගැනේ.මෙහිදී
තවත් ප්‍රශ්නයක් පැන නැගෙනු ඇත.එනම් මනස යන්න දැනෙන්නේ කුමකටද යන්නය. එයට දියහැකි හොඳම පිළිතුර වන්නේ මනස යන්නද දැනෙන්නේ මනසටම යන්නය.මෙහිදී කිව යුතු තවත් වැදගත් දෙයක් ඇත.එනම් අපහට දැනෙන්නේ හුදෙක් පංචේන්ද්රියයන්ගෙන් ලබාගන්නා අරමුණු පමණක් නොවන අතර මනස විසින්ම ඇතිකරන දැනීම්ද වේ.උදාහරණයක් ලෙස කාලය ගතහොත් එය අපගේ පංචේන්ද්රියන්ට නතු නොවන නමුත් මනස විසින් ඇතිකර ගනු ලබන දැනීමක් වේ.
දැන්
අප විසින් භෞතිකවාදීන් වෙත නඟන ප්‍රශ්නය මෙයයි.මනසින්(හෝ පරිකල්පනයෙන්) තොරව/පිට ලෝකයක් අර්ථ දැක්විය නොහැකි බව දැනගන්නේ කව්ද යන්නය.මනසින් තොරව ලෝකයක් ඇතත් නැතත්,අර්ථ දැක්විය හැකිවුවද නොහැකි වුවද එසේ දැනීමක් ඇතිකරගනු/ඇතිකරනු ලබන්නේ කව්ද යන්නය.අපටනම් දිය හැකි සරළම පිළිතුර වන්නේ එසේ දැනගනු ලබන්නේද මනස විසින්ම බවය. එසේ නම් මනසින් තොරව/පිට ලොවක් තබා එවැනි දෙයක් අර්ථ දැක්වීම ගැනද කතාකිරීම විහිළුවකි. මක්නිසාදයත් අර්ථ දැක්ව්මට හැකිනම් එසේ කරන්නේද,අර්ථ දැක්විය නොහැකිනම් එසේ නොකළ හැකි බව දැනගන්නේද මනස හෝ පරිකල්පනය විසින්මය.එබැවින් මනසින් තොරව පවතින ඊනියා පැවැත්මක් ගැන නිශ්චිත සඳහනක් කළ නොහැකි බව යන්නට වඩා එසේ ඊනියා පැවැත්මක නැතැයි යන්න වඩාත් ශක්තිමත් ස්ථාවරයකි.
භෞතිකවාදීන්
මෙහිදි වරද්දා ගන්න තැනක් වේ.එනම් ඔවුන් මනසින් පිටස්තර ලෝකයක් අර්ථ දැක්වීමට නොහැකි යන්න ගැන කතා කිරීමට පෙරම "මනසින් පිට" යන්න අදහස ගොඩනඟා ගෙන ඇත.වෙනත් වචනයකින් කිවහොත් මනසින් පිට නැතහොත් මනසට සීමාවක් ඔවුන් විසින් උපකල්පනය කරගෙන ඇත.ඔවුන්ට අමතක වන කරුණ වන්නේ මෙසේ උපකල්පනයක් කරගෙන ඇත්තේද නිරායාසයෙන්ම මනස විසින්ම බවය.එසේ තනාගත් උපකල්පනය මත පදනම්ව ඔවුන් ඊළඟට බලන්නේ එසේ "මනසින් පිට යමක්" ඇතිද,නැතිද නැතහොත් නිශ්චිතව කිව නොහැකිද යන්නය.මෙහිදී කිවයුතු වැදගත් දේ වන්නේ මනසින් පිට හා මනසින් පිට යමක් යන්න අදහස් දෙකක් බවය.දෙවැන්න පදනම් වන්නේ පළමු අදහස මතය.පළමු
අදහසින් කියැවෙන්නේ මනසට අදාළව ඇති සීමාවක් වන අතර දෙවැන්නෙන් කියැවෙන්නේ එම සීමාවෙන් පිට වූ යමක් ගැනය.පැහැදිලිවම මේ එකක් නොව දෙකකි.භෞතිකවාදීන් මුළාවන්නේ මෙතැනදීය.ඔවුන් මනස විසින්ම ඇතිකරගත් මනසින් පිට යන උපකල්පනය මත පිහිටා පසුව එම සීමාවෙන් පිට වූ ලෝකය ඇතැයි හෝ නැතැයි හෝ නිශ්චිතවම කිව නොහැකි යැයි නැතිනම් අර්ථ දැක්විය නොහැකි යැයි කියා පඹගාලක පැටලෙයි.සියලු දැනීම් හටගන්නේ මනසේ නම් එම මනසින් පිට වූ දැනීමක් ගැන කතා කළ හැක්කේ කෙසේද?මනසක් සහිත සත්ත්වයා සියල්ල නතු කරගන්නේ මනසින්මය.එනම් සියල්ල මනස වේ.කොටින්ම මනස පවා නිර්මාණය වන්නේ මනසේමය. මනසින් තොරව ලෝකයක් පැවතිය හැක යන්න භෞතිකවාදීගේ එක් හිතළුවක්ම පමණි.