Sunday, June 28, 2015

එහෙම වෙන්නැති!


නෙතට රිදවුම් මතක සටහන්
කෙමෙන් බොඳ වී මැකී යන්නැති
සිතට ලතැවුල් ගෙනෙන සුසුමන්
සෙමින් වා තල වැළඳ ගන්නැති

දවස් සති හා මාස ගණනක්
එලෙස ගත වී ගෙවෙන්නට ඇති
හීන් සීරුවේ නිදපු කුසුමක්
සුවඳ දී යළි පිපෙන්නට ඇති

නැවුම් කුසුඹින් ගුවන විහිදී
දුරින් සිටි බිඟු වසඟ වන්නැති
පවන බිඟු හා නොමඳ එක් වී
තඹර ලිය මතු සොයා යනු ඇති